COCO Buddy යනු කුමක්ද?

COCO Buddy - ශ්‍රීලංකාවේ පොල් වගා කිරීම සංවර්ධනයේ අනාගත පියවරක් ලෙස සැලකිය හැක. මෙය AID ED පදනමේ sසහයෝගය සහිතව ශ්‍රීලංකාවේ රජයේ පාසල් වල 1 ශ්‍රේණියට ඇතුලත් වන දරුවන් විසින් පොල් පැළ සිටුවීමේ වැඩසටහනක් ලෙස තවදුරටත් ප්‍රකාශ කල හැක.

සෑම දරුවෙකු වෙනුවෙන්ම සහතික කරන ද පොල් පැළ දෙක බැගින් ලබා දීමට තීරණය කොට ඇත. නියමිත කාල වලදී පොහොර හා අනෙකුත් තාක්ෂණික දැනුමද ලබාදෙන අතර පැළයේ නඩත්තුවම එම දරුවාගේ මෙන්ම අනෙකුත්පවුලේ සාමාජිකයින්ගේ වගකීමක් වේ. මෙහි අස්වැන්න ගෙදර පාරිභෝජනයට මෙන්ම විකිණීමට දරුවාගේ කැමැත්ත මත සිදු කල හැක.

සෑම දරුවෙකුගේම පැතිකඩ වෙබ් ගිණුම හරහා දැක ගත හැක. සෑම මසකම වෙබ් ගිණුමට පොල් පැළයේ වර්ධනය පිළිබඳව ඡායාරූප යාවත්කාලීන කිරීමට දරුවන් බැදීසිටී. අවුරුදු 5 අවසානයේ සාර්ථක ලෙස පැළ දෙක බලාගැනීම වෙනුවෙන්ද ත්‍යාග පිරිනැමීමට තීරණය කොට ඇත.

20220104-20220104-IMG_3027-2
COCO Buddy වියාපෘතිය මගින් දරුවන් ප්‍රතිලාභ ලබමින්

මෙය වැදගත් වන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනය විවිධ හේතු මත ශ්‍රීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී. නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවට පොල් පිටරටින් ආනයනය කිරීමට සිදුවේ. රජය මෙන්ම පොදු ජනතාවද පොල් නිෂ්පාදනය නගා සිටුවීම පිලිබදව වඩා පුලුල් අවධානයක් යොමු කිරීමට සිදුව ඇත.

එම නිසා මෙම වැඩසටහන ශ්‍රීලංකාවේ පොල් නිෂ්පාදනය නගා සිටුවීම අරමුණු කරගෙන ආරම්භ කරන ලද අතර ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාවට පාරිසරය හා ආර්ථිකය පිලිබද ඇති වගකීමද අවබෝධ කිරීමද අදිටන් කරගෙන ඇත.